Online trading (part 01)

ඔන්න ඉතින් හා හා පුරා කියලා පටන් ගමු එහෙනම්,
මම බලාපොරොත්තු වෙනාවා වෙනදා වගේම මෙම කොටස සමගත් ඔබලා දිගටම රැදේවි කියලා.
හරි දැන් පටන් ගමු වැඩේ, මෙම කොටසින් කියල දෙන්න යන්නේ අන්තර්ජාලය හරහා කොටස් වෙළදපොළට සම්බන්ද වෙලා ගණුදෙනු කරන ආකාරයි.

CDAX හා DirectFN Pro කියන්නේ මේ සදහා භාවිතා කල හැකි මෘදුකාංග 2ක්, මෙ මෘදුකාංග දෙකෙහි නම් වෙනස් වුනාට කෙරෙන කර්යය නම් එකයි. එවගේම මෙම මෘදුකාංග දෙකෙහිම මුහුණත් බොහො දුරට සමාන අතර සුලු සුලු වෙනස්කම් දැකිය හැක.
මෙම මෘදුකාංගවලට අමතරව ඒ ඒ ආයතන ව්සින් ලබා දෙන වෙබ් අතුරුමුහුණත්(web interface) හා ජංගම දුරකතන වල ස්ථපනය කල හැකි මෘදුකාංග හරහාද මේ කාර්යයන් කල හැක.නමුත් මේවයේ තොරතුරැ යාවත්කාලින විමට ගතවන කාලය CDAX හා DirectFN Pro වලට වඩා වැඩිය.

ආ කියන අමතක උනානේ මෙ මෘදුකාංග ලබාදෙන ආයතන ගැන.
  • Asia Securities.
  • Asha Philips Securities.
  • Acuity Stock Brokers
  • Capital Alliance
  • Ceylinco Stock Brokers
  • SMB Securities
එවගේම බ්‍රොකර් ආයතනයක් තොරගන්න කලින් එ ආයතනය Online trading පහසුකම ලබා දෙනවද, මොන මොන කොන්දේසි යටතේද කියල කලින් දැනගන්න. ඉහත දක්ව ඇති ආයතනයන් වලට අමතරව අනෙක් ආයතනත් මේ පහසුකම් ලබා දෙනවාදැයි සොයා බලන්න.


හරි දැන් මුලික දෙවල් ට්ක දැන ගත්තානේ. දැන් බලමු කොහොමද මෙ මෘදුකාංග ලබා ගන්නේ කියලා.
ඔබ තොරාගත් ආයතනයට ගොස් තමාගේ උපදේශකට ඔබගේ අවශයතාවය කියන්න. එ කියන්නේ Online trading සදහා ඔබට මෘදුකාංගය උවමනා බව පවසන්න.ඒ විට එ මෘදුකාංග ලබා ගැනිම සදහා අවශය ලියකියවිලි ඔබට ලබාදේ. එවා නිසි පරිදි පුරවා ඔබගේ උපදේශකට බාරදෙන්න.දිනක් හො දෙකකින් ඔබගේ විද්‍යුත් ලිපිනයට(Email) එ අදාල තොරතුරැ(login details) එවා ව් ඉටපස්සේ එ එ අදාල තොරතුරැ (Login details) භාවිතා කරලා මෘදුකාංගට ලොග් වෙලා ගණුදෙනු කරන්නයි තියෙන්නේ.

දැන් ඉතින් වැඩේ පටන් ගන්න තමයි තියෙන්නේ. මින් ඉදිරියට මම ඔයාලට කියලා දෙන්නම් මෘදුකාංගය  භාවිතා කරලා ගණුදෙනු කරන්නේ කොහොමද කියලා. ඒ සදහා මම යොදා ගන්නේ DirectFN pro කියන මෘදුකාංගය, නමුත් CDAX භවිතා කිරිමට බලාපොරොත්තුවෙන අය බය වෙන්න එපා එකත් මේ වගේමයි ලොකු වෙනසක් නැ.
ඔන්න පහලින් තියනවා පින්තුරයක්. ලොග් වෙලා අතපත ගාලා බලන්නකො ඉලග කොටසින් කියල දෙන්නම් කොහොමද මෙක හරහා ගණුදෙනු කරන්නේ කියලා


Comments