Day Trading


Day Trading කියන වචනය දැක්ක ගමන් මෙ ගැන ඔබට යම් අදහසක් ඔලුවට එනවා ඇති.

හොදයි බලමුකො මොකද්දමේ Day Trading කියන්නේ කියලා. 
Day Trading කියන්නේ කිසියම් දිනයක් තුලදි මිලට ගනු ලබන කොටස් එම දිනය තුලදිම  විකුණා දැමිම මෙලස සදුන්වනු ලැබේ.

Online trading (part 02)

පලමු කොටසින් මුලික දෙවල් ටික කියලා දුන්නනේ. දන් ඉතින් software1 අතපතගාලා මොකද වෙන්නේ කියල බලන්නත් ඇතිනේ. ඔන්න මේ කොටසින් කියලා දේන්න යන්නේ login details   භාවිතා කරලා log   වුනාට පස්සේ දකින්න ලැබෙන මුහුණතේ ඇති ප්‍රධාන කොටස් ටික.

මුලින්ම log වුනට පස්සේ open වෙලා තියේන windows ටික close කරන්න. එ ඇයි කියලා ඔයාලටම පස්සේ තේරෙයි. පහල තියෙන පින්තුරයට අනුව වැඩෙ කරගෙනයන්.







අර්බුදයෙන් බේරෙන්න, ද ‍ෆිනෑන්ස් කොටස් නිකුත් කරයි

මූල්‍ය අර්බුදයකට ලක්වූ ද ‍ෆිනෑන්ස් සමාගම රුපියල් බිලියන 1.6 ක් රැස් කර ගැනීම සඳහා කොටස් නිකුතුවක් කිරීමට සූදානම් වේ.

කොළඹ කොටස් යළි ඉහළට

සමස්ත මිල දර්ශකය ඒකක 24.67 කින් ඉහළ ගොස් දිනය අවසනදී ඒකක 6916.63 ක් ලෙස සටහන් කරමින් කොළඹ කොටස් වෙළෙද පොළ ඊයේ දිනයේදී

Online trading (part 01)

ඔන්න ඉතින් හා හා පුරා කියලා පටන් ගමු එහෙනම්,
මම බලාපොරොත්තු වෙනාවා වෙනදා වගේම මෙම කොටස සමගත් ඔබලා දිගටම රැදේවි කියලා.
හරි දැන් පටන් ගමු වැඩේ, මෙම කොටසින් කියල දෙන්න යන්නේ අන්තර්ජාලය හරහා කොටස් වෙළදපොළට සම්බන්ද වෙලා ගණුදෙනු කරන ආකාරයි.

CDAX හා DirectFN Pro කියන්නේ මේ සදහා භාවිතා කල හැකි මෘදුකාංග 2ක්, මෙ මෘදුකාංග දෙකෙහි නම් වෙනස් වුනාට කෙරෙන කර්යය නම් එකයි. එවගේම මෙම මෘදුකාංග දෙකෙහිම මුහුණත් බොහො දුරට සමාන අතර සුලු සුලු වෙනස්කම් දැකිය හැක.
මෙම මෘදුකාංගවලට අමතරව ඒ ඒ ආයතන ව්සින් ලබා දෙන වෙබ් අතුරුමුහුණත්(web interface) හා ජංගම දුරකතන වල ස්ථපනය කල හැකි මෘදුකාංග හරහාද මේ කාර්යයන් කල හැක.නමුත් මේවයේ තොරතුරැ යාවත්කාලින විමට ගතවන කාලය CDAX හා DirectFN Pro වලට වඩා වැඩිය.

CDEX හා DirectFN මගින් ගණුදෙනු කිරිම.

බලාපොරත්තුවන්න...........

CDEX හා DirectFN යන මෘදුකාංග මගින් ගණුදෙනු කිරිම..

කොටස් තැරව්කාර/බ්‍රොකර් ආයතනයක් යනු?

කොටස් තැරව්කාර/බ්‍රොකර් ආයතනයක් යනු කොළඹ කොටස් හුවමරුව තුල ලියාපදිංචි වු ඔබ අප හැමගේ ගණුදෙනු සදහා සහයට සිටින්නාවු පාර්ශවයි.ඔබගේ මධ්‍යම තැන්පතු අරමුදල්(CDS) ගිණුම ආරම්භ කිරිමේ සිට සැම ගණුදෙනුවකදිම ඔවුන් ලියාපදිංච් උපදේශකයන් විසින් උපදේශන සේවාවන් ලබාදේ(එක නිස අවදානම ගැන බොරුවට බය වෙන්න දෙයක් නැ. ).ඒසේම වෙළදපොළ සම්බන්ද ඔවුන් කල සමිකෂණ වර්ථා ආදියද ඔවුන්ගෙන් ලබා ගත හැක.

ඉතින් එයාලට තියන ලාභය මොකද්ද?
ඔවුන්ට සැම ගණුදෙනුවකින්ම මුලු වටිනාකමින් 0.6% ප්‍රතිශතයක්(මෙය සුලු වශයෙන් වෙනස් විය හැක) බ්‍රොකර් ගස්තු වශයෙන් ලබා ගනී.පහතින් බ්‍රොකර් ගාස්තු අතුලුව අනිකුත් අයකිරිම් ගණුදෙනුවෙන් ප්‍රතිශතයක් ලෙස දක්වා ඇත.

කොටස් මිළදී ගන්නේ කොහොමද? [part2]

මෙම වෙළදපොළ තුල කටයුතු කිරිම සදහා ඔබට මධ්‍යම තැන්පතු ගිණුමක් තිබිය යුතුය.


ඉතින් කොහොමද ඔය ගිණුම හදා ගන්නේ?
ඒක කරන්නේ මෙහෙමයි.
මුලින්ම ඔබ බ්‍රොකර් ආයතනයක් තොරා ගතයුතුයි.(එ මොකටද?, ඔබට සියලුම ගණුදෙනු කරන්න වෙන්නේ මෙ අය හරහා පමණයි )
බ්‍රොකර් ආයතන ගැන වෙනමම සාකච්චා කර ඇත,එ පිළිබද දැනගනිම සදහා මෙතනින් යන්න.


ඔබ තමන්ට කැමති බ්‍රොකර් ආයතනයක් තොරාගත් පසු , බොහෝ විට පලමු වර ඔබට ඒම ආයතනයට යාමට සිදුවේ, එ ඇයිදැයි ඉදිරියෙදි කියන්නම්. ඔබ තොරාගත් ආයතනයට ගිය පසු එහි කාට හරි ඔබගේ අවශ්යතාවය කියන්න, එ කියන්නේCDS ගිණුමක් ආරම්භ කිරිමට අවශය බව කියන්න, එ විට CDS ගිණුමක් ආරම්භ කිරිමට අවශය සියලු ලිපි ලේඛන ඔබට ලබදේ. මෙ සදහා ඔබට කිසිම මුදලක් වැය නොවේ.

කොටස් මිළදී ගන්නේ කොහොමද?

මෙය ක්‍රම දෙකක් යටතේ සිදු කරන්න පුලුවන්
එතකොට කෙලින්ම ඔලුවට එන්නේ එ කොහොමද කියන ප්‍රශ්නය නේද?
එක වෙන්න මෙහෙමයි.
ප්‍රාථමික වෙළදපොළ හා ද්විතීක වෙළදපොළා කියලා කොටස් දෙකක් තියනවා (ඒ කියන්නේ???)

ප්‍රාථමික වෙළදපොළ කියන්නේ 

ප්‍රථම වතාවට කොටස් හා ණයකර මහජනතාවට නිකුත් කරන අවස්ථාවයි. මෙහිදි සිදුවන්නේ සමාගමක් ඔවුන්ගේ අවශයතා සපුරා ගැනිම සදහා මහජනතාවට මුලික කොටස් හො ණයකර නිකුතුවක් කරන බව මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරණය කිරිමයි.
ඉතින් ඉට පස්සේ කරන්න තියෙන්න 
ආ කියන්න අමතක වුනා, මේ සෑම සමාගමක්ම සංස්ථා ප්‍රකාශය කියල පොතක් නිකුත් කරනවා.මෙකේ තියෙනනේ එයාලගේ සමාගම සම්බන්ද හා නිකිතුවට අදාලවන සියලුම කරුණු කාරනා (මෙක ලබා දෙන්නේ නොම්ලේ)

බලාපොරොත්තු වන්න......

  1. කොටස් හුවමරුව යනු?
  2. ලයිස්තුගත සමාගම් යනු?
  3. කොළඹ කොටස් හුවමරුව යනු?
  4. කොටස් මිලදී ගන්නා ආකාරය